Thursday, March 28, 2024

General line - 0115112241

අගමැති මෝදි යුරෝපයට




ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැයි 2 සිට මැයි 6 දක්වා යුරෝපයේ රටවල් කිහිපයකම සංචාරය කිරීමට නියමිතව ඇති  බව වාර්තාවනවා.

ඩෙන්මාර්කයේ කෝපන්හේගන්හි පැවැත්වෙන ඉන්දීය-නෝර්ඩික් සමුළුව ඇමතීම ඔහුගේ මෙම සංචාරයේ මූලික අරමුණ බව සදහන්.

අනතුරැව ඉන්දීය අගමැතිවරයා, ප්‍රංශ ජනාධිපති ලෙස නැවත තේරී පත් වූ  එම්මානුවෙල් මැක්‍රොන් සහ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. 

මැක්‍රොන් දෙවන ධුර කාලය සඳහා ප්‍රංශ ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීමත් සමඟ ඉන්දියාවේ සමීපතම ද්විපාර්ශ්වික හවුල්කරුවෙකු වන ප්‍රංශය සමග වන සබදතා තවදුරටත් වර්ධනය කර ගැනීම සදහා අගමැති මෝදි පැරිසියට යන බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය නායකයා ජර්මානු චාන්සලර් ෂෝල්ස් සමඟද ද්විපාර්ශ්වික සබඳතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.