Tuesday, April 23, 2024

General line - 0115112241

රුසියානු ජනපතිගෙන් බටහිර රටවලට අනතුරු ඇඟවීමක්




රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බටහිර රටවල් වෙත යළිත් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, යුක්රේන අර්බුදය පදනම් කර ගනිමින්. ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා පවසන්නේ යුක්රේන අර්බුදයට මැදිහත්වන ඕනෑම පාර්ශවයක් වෙත විදුලි වේගවෙන් ප්‍රතිචාර දැක්වීමට රුසියාව සූදානම් බවයි. 

ඒ සඳහා වන සියලු  මෙවලම් රුසියාව සතු බවයි ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවසුවේ. අවශ්‍ය මොහොතේදී ඒවා භාවිත කිරීමට පසුබට නොවන බව ද රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළා. කෙසේවෙතත් ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමන් සතු බැලස්ටික් මිසයිල සහ න්‍යෂ්ටික අවි පිළිබඳව බවයි. 

කෙසේවෙතත් රුසියාවේ දැඩි විරෝධය මධ්‍යයේ අමෙරිකාව ඇතුළු බටහිර රටවල් තවදුරටත් යුක්රේනයට යුද ආධාර සපයමින් සිටිනවා. මේ අතර රුසියාව ඊයේ එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ ආයුද ගබඩාවක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.