Saturday, April 20, 2024

General line - 0115112241

IPL ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ගුජරාට් ටයිටන්ස් පිල සමත් වෙයි




අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය කඩුළු 5 කින් ජය ගනිමින්. 

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 195 ක්. එහිදී අභිෂේක් ෂර්මා ලකුණු 65 ක් සහ ඒඩින් මැක්රම් ලකුණු 65 ක් රැස් කළා. නොදැවී පන්දුවට පහරදුන් ශශංක් සිංග් පන්දු හයකදි රැස් කළ ලකුණු සංඛ්‍යාව 25 ක්. ඔහුගේ ඉනිමට එක් හයේ පහර 3 ක් සහ එක් හතරේ පහරක් ඇතුළත්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 5 ක් පමණක් දැවී ලකුණු 199 ක් රැස් කරමින්. එහිදී විද්‍රිමන් සහා ලකුණු 68 ක් රැස් කළා. රාහුල් ටෙවාෂියා  නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 40 ක්.