Thursday, March 28, 2024

General line - 0115112241

පකිස්තානයේ පිපිරීමකින් චීන ජාතිකයන් තිදෙනෙකු මරුට




පාකිස්ථානයේ කරච්චි විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ කුඩා වෑන් රථයක සිදු වූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තාවෙනවා.

මියගිය අය අතර චීන ජාතිකයින් තිදෙනෙකුද සිටින බවයි  විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේ. 

විශ්වවිද්‍යාලයේ  චීන භාෂා ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් අසල වෑන් රථයක් තුළ මෙම පිපිරීම සිදුව ඇති බව සදහන්. 

තුවාල ලැබූ තවත් චීන ජාතිකයින් පිරිසක්, ආරක්ෂක නිලධාරියෙකු සහ පෞද්ගලික ආරක්ෂකයෙකු ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කර තිබෙනවා. 

කරච්චි විශ්ව විද්‍යාලයේ චීනය විසින් ඉදිකරන ලද ආයතනයක අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ගුරුවරුන් දෙදෙනෙකු  සහ ඔවුන්ගේ පාකිස්ථාන ජාතික රියදුරු මියගිය අය අතර වන බවද සදහන්.

පකිස්තානය තුළ චීන ජාතිකයන් ඉලක්ක කරගත් ප්‍රහාරවල වැඩිවීමක් පසුගිය කාලසීමාවේ දී නිරීක්ෂණය කළ බවයි එරට ආරක්ෂක අංශ සදහන් කළේ.