Saturday, April 20, 2024

General line - 0115112241

වසරක් තුළ බ්‍රිතාන්‍යයේ භූමි ප්‍රමාණයට සමාන වනගහනයක් පෘථිවියට අහිමි වෙයි




2021 වසරේදී දැඩිව අවධානය යොමු කළ යුතු අයුරින් ලොව වනගහනය විනාශයට පත්ව ඇතැයි නවතම වාර්තාවක් අනාවරණ කරනවා. ඒ අනුව එම වසරේදී ලොවට අහිමි වී ඇති වනගහනය භූමි ප්‍රමාණයෙන් බ්‍රිතාන්‍යයේ භූමි ප්‍රමාණයට වඩා වැඩි බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ. මෙම අනාවරණය සිදුකර ඇත්තේ ග්ලෝබල් ෆොරස්ට් වොච් නම් වෙබ් අඩවියක් මගින්. 

එම වාර්තාවට අනුව 2021 වසරේදී විනාශයට ලක්ව ඇති වනාන්තර භූමි ප්‍රමාණය  වර්ග කිලෝ මීටර් දෙලක්ෂ 53000 ක්. එමෙන්ම එම අගය 2019 වසරේදී හා 2020 වසරේදී සිදුව ඇති වන විනාශයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් බව ද ග්ලෝබල් ෆොරස්ට් වොච් වෙබ් අඩවිය පවසනවා. 

දේශගුණ විපර්යාස සහ මිනිස් ක්‍රියාකාරකම් වන විනාශයට දැඩිව බලපා ඇති බවයි එම වාර්තාවෙන් අනාවරණ කරන්නේ. කෙසේවෙතත් එලෙස ලොව වන ගහනය සැලකිය යුතු අයුරින් අඩුවීම මිනිසාගේ පැවැත්මට ද දැඩි බලපෑම් එල්ල කරනු ඇතැයි එම වාර්තාවෙන් පෙන්වා දෙනවා. 

එමෙන්ම ගෝලීය ගැටළු බවට පත්වෙමින් ඇති වන විනාශය හා දේශගුණික විපර්යාස වැළැක්වීමට හෝ අවම කිරීම සඳහා ලෝක නායකයින් ප්‍රමාණවත් පියවරක් අනුගමනය නොකිරීම කණගාටුදායක තත්ත්වයක් බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.