Thursday, April 25, 2024

General line - 0115112241

යුක්‍රේන - රුසියා යුද්ධයට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මැදිහත්වූ තරම ප්‍රමාණවත් නැහැ - එජා මහලේකම් කියයි




යුක්‍රේන - රුසියා යුද්ධයට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මැදිහත්වූ තරම ප්‍රමාණවත් නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් චෝදනා කරනවා. ඔහු පවසන්නේ යුද්ධය වැළැක්වීමට හෝ අවසන් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අපොහොසත්වී ඇති බවයි. එය දැඩි කලකිරීමකට ලක් කරන්නක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා. 

සාමාජික රටවල් 15 කින් යුක්ත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ගෝලීය සාමය සහ ආරක්ෂාව සහතික කිරීම විශේෂයෙන් පැවරී ඇති කාර්්‍යයක්. එහෙත් ඉකුත් පෙබරවාරියේ සිට මේ දක්වා යුක්‍රේන - රුසියා යුද්ධය නතර කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මැදිහත්වී නැහැ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මෙම අදහස් පළ කළේ යුක්‍රේනයේ තත්ත්වය සොයාබැලීමට එරටට පැමිණි අවස්ථාවේදීයි. ඔහු යුක්‍රේනයේ “කිව්” අගනුවරට පැමිණ සිටි අවස්ථාවේ පවා එම නුවරට රුසියාවෙන් රොකට් ප්‍රහාර එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.