Wednesday, April 24, 2024

General line - 0115112241

අධික උණුසුමෙන් ඉන්දියාවට දැඩි බලපෑම්




අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ මිලියන ගණනක් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව තිබෙනවා. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් තාප තරංග අනතුරු ඇගවීමක් නිකුත් කර ඇති අතර මැයි සහ ජුනි මාසවල එම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ. 

පසුගිය මාර්තු මාසයේ සිට ඉන්දියාවේ ප්‍රධාන නගර රැසක උෂ්ණත්වය ඉහළ ගිය අතර එය වසර 122කට පසු වාර්තා වී ඇති සාමාන්‍ය උපරිම උෂ්ණත්වය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

දිල්ලි අගනුවර සහ අවට ප්‍රදේශවල උපරිම උෂ්ණත්වය පසුගිය දින වලදී සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇති අතර එය ඉදිරි කාල සීමාව තුළ සෙල්සියස් අංශක 44 දක්වා වැඩි විය හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ. අධික උණුසුම් කාලගුණය හේතුවෙන් 2010 වසරේ සිට ඉන්දියාවේ පුද්ගලයින් 6,500කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්වා. අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති වීමට ප්‍රධානතම සාධකය වී ඇත්තේ වන සංහාරයයි.  

2021 වසරේදී පමණක් ලොවට අහිමි වී ඇති වනගහනය භූමි ප්‍රමාණයෙන් බි්‍රතාන්‍යයේ භූමි ප්‍රමාණයට වඩා වැඩි බවයි ග්ලෝබල් ෆොරස්ට් වොච් වෙබ් අඩවිය ඉකුත්දා වාර්තා කළේ. එම වාර්තාවට අනුව 2021 වසරේදී විනාශයට ලක්ව ඇති වනාන්තර භූමි ප්‍රමාණය  වර්ග කිලෝ මීටර් දෙලක්ෂ 53,000 ක් පමණ වනවා.