Friday, March 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ දේවස්ථානයක පිපිරීමකින් 50කට වැඩි පිරිසක් මරුට




ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර බටහිර ප්‍රදේශයේ පිහිටි සුන්නි මුස්ලිම් දේවස්ථානයක සිදු වූ පිපිරීමකින් 50 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. 

තවත් 15 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ආගමික වතාවත්වල නිරතව සිටි පිරිසක් ඉලක්ක කර එම බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබෙනවා. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ.