Wednesday, April 24, 2024

General line - 0115112241

ධාන්‍ය සොරකම් කරන බවට යුක්‍රේනයෙන් රුසියාවට චෝදනා




තමන් සතු ධාන්‍ය සොරකම් කරන බවට යුක්‍රේනය රුසියාවට චෝදනා එල්ල කරනවා. යුක්‍රේනය පවසන්නේ නැගෙනහිර කලාපය ප්‍රධානව රුසියාව සිය හමුදා ස්ථානගත කර ඇති ප්‍රදේශවල වගා කර ඇති ධාන්‍ය වර්ග රුසියාව සොරකම් කරන බවයි. 

ඒ අනුව රුසියාව මේ වන විටත් යුක්‍රේනය සතු ධාන්‍ය ටොන් මිලියන 1යි දශම 5ක් පමණ සොරකම් කර ඇති බවටයි යුක්‍රේනය චෝදනා කරන්නේ.  

කෙසේවෙතත් රුසියාව අදාළ චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. යුක්‍රේනය යනු ලොව ප්‍රධාන පෙලේ ධාන්‍ය හා එලවළු තෙල් අපනයනකරුවෙක්. එලෙස අපනයනය කරන ධාන්‍ය අතරට තිරිඟු පිටි සහ බාර්ලි ද ඇතුලත්. 

යුක්‍රේනය හදුන්වන්නේ යුරෝපයේ බ්‍රෙඩ් බාස්කට් ලෙසයි. එහෙත් රුසියානු ආක්‍රමණයෙන් පසු කලු මුහුද හරහා සිදු කරන සියලු වෙලද කටයුතු යුක්‍රේනයට අහිමි වී තිබෙනවා. ඒ හමුවේ යුක්‍රේනයේ අපනයන කටයුතු ද කඩා වැටුනු අතර එය ලෝක වෙලදපලේ ධාන්‍ය මිල ගණන් ඉහල යාමටත් සෘජු බලපෑම් එල්ල කලා.