Thursday, March 28, 2024

General line - 0115112241

සයින්රයිස් පිල ලකුණු 13කින් පරදා චෙන්නායි පිල ජය ගනියි




ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයකින් ලකුණු 13 ක ජයක් අත්කර ගැනීමට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත් කරමින්. 

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 2 ක් දැවී ලකුණු 202 ක් රැස් කළා. රුටුරාජ් ගයික්වාඩ් පන්දු 57 කදි ලකුණු 99 ක් රැස් කළා. ඒ, හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමගයි. ඩෙවොන් කොන්වේ නොදැවී ලකුණු 85 ක් රැස් කළේ පන්දු 55 කදීයි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 6 ක් දැවී රැස් කළේ ලකුණු 189 ක් පමණයි. නිකලස් පූරන් නොදැවී ලකුණු 64 ක් රැස් කළ ද එය තරගයේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වුණේ නැහැ.