Friday, April 19, 2024

General line - 0115112241

හොරා හොරා - පාකිස්ථාන අගමැතිට සෞදියේ දී මුහුණටම බැනුම්




තෙදින නිල සංචාරයක් සඳහා සෞදි අරාබියට පැමිණ සිටි පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ දූත පිරිස මදීනාවේ මස්ජිඩ්-ඊ-නබවි වෙත ඇතුළු වූ විට අපූරු පිළිගැනීමක් ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

දූත පිරිස මස්ජිද්-ඊ-නබවි වෙත යන අයුරු දැකීමෙන් වන්දනාකරුවන් සිය ගණනක් “සොරා සොරා (චෝර් චෝර්) ලෙස ආමන්ත්‍රණය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වේදිකාවල සීග්‍ර ලෙස සංසරණය වෙමින් පවතිනවා.

සිද්ධියෙන් පසු මදීනාවේ පූජනීයත්වය කඩ කිරීම සම්බන්ධයෙන් පොලිසිය මෙ‍සේ විරෝධය දැක්වූ කිහිපදෙනකුව අත්අඩංගුවට ගෙන ඇති බවද සදහන්.

සිද්ධිය සිදුවන අවස්ථාවේ පකිස්තාන ප්‍රවෘත්ති අමාත්‍ය මාරියුම් අවුරංසෙබ් සහ ජාතික සභාවේ මන්ත්‍රී ෂාසායින් බුග්ටි තවත් පිරිසක් ද අගමැති ෂරීෆ් සමග සිටි බව මාධ්‍ය වාර්තා කරනවා. 

මේ අතර පාකිස්තාන පුවත්පතක් වාර්තා කර තිබුණේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මෙම විරෝධතාවය පිටුපස සිටින බවට ජනමාධ්‍ය අමාත්‍ය  අවුරංසෙබ් චෝදනා නැගූ බවටයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සිය මංගල නිල විදෙස් සංචාරය ලෙස මෙම සෞදි අරාබි සංචාරය සිදුකළ අතර ඊට මැතිඇමතිවරැන් , නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක් කරගත් බවට ද චෝදනා එල්ල වී තිබුණා.