Thursday, April 25, 2024

General line - 0115112241

සූර්ය බලයෙන් විදුලිය නිපදවීමට ශ්‍රී ලංකාව තුළ තවත් අවස්ථා පවතිනවා



සූර්ය බලයෙන් විදුලිය නිපදවීමට ශ්‍රී ලංකාව තුළ තවත් අවස්ථා පවතින බව බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක් වෙමින් ඔහු පැවසුවේ සූර්ය බලයෙන් විදුලිය නිපදවීම සඳහා විදෙස් රටවල් භාවිත කරන තාක්ෂණික ක්‍රමවේද මෙරටට ගැලපෙන පරිදි යොදාගත යුතු බවයි.

එම වැඩසටහනේදී ලංකා ජීව බලශක්ති සංගමයේ හිටපු සභාපති ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ ද අදහස් පළ කළා.