Tuesday, April 16, 2024

General line - 0115112241

වත්මන් ආර්ථික අර්බුදය තුළ සැලසුම් සහගත වැඩසටහන් ක්‍රියාත්මක වූවාදැයි සැකයක්



වත්මන් ආර්ථික අර්බුදය තුළ ඇතැම් පාර්ශවවලට වාසි සැලසීමේ අරමුණින් කිසියම් සැලසුම් සහගත වැඩසටහන් ක්‍රියාත්මක වූවාදැයි සැකයක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. ඒ ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

අයථා ලෙස උපයා ගන්නා මුදල් වෙනත් රටවල්වල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළවුණා.

කොළඹ වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති ව්‍යාපාර උපදේශක ප්‍රසන්න ලියනගේ ද මෙම වැඩසටහනට එක් වුණා.