Thursday, March 28, 2024

General line - 0115112241

ධනංජය ශ‍්‍රී ලංකාවේ නම්බුව රැක දෙයි




යොවුන් ක‍්‍රීඩක ධනංජය ද සිල්වාගේ සහ දිනේෂ් චන්දිමාල්ගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් ඕස්ටේ‍්‍රලියාවට එරෙහි තුන්වන ටෙස්ට් තරගයේ පළමු ඉනිම යලි ස්ථාවර කර ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුණා.

තරගයේ මුල් භාගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 05ක් බිඳ වැටුනේ ලකුණු 26ක් තුළයි.

ඉන් අනතුරුව පිටියට එක්වූ ධනංජය සහ චන්දිමාල් 06 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 188 ක නොබිදුනු සබඳතාවක් ගොඩ නැගුවා.

එහිදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ ධනංජය ද සිල්වා දිනය නිමාවන විට නොදැවී ලකුණු 116 ක් රැස් කර සිටියා. ඒ, 04 පහර 16ක්ද සමගයි.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 64ක්. ඒ අනුව පළමු දිනය නිමා වන විට ශ‍්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 05 කට ලකුණු 214ක් ලෙසයි.