Saturday, April 20, 2024

General line - 0115112241

ආණ්ඩු මාරැ වුණත් පකිස්තාන රුපියලේ කඩාවැටීම දිගටම




ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පාකිස්තාන රුපියල අන්තර් බැංකු වෙළෙඳපොළ  ඉතිහාසයේ පහළම මට්ටමට පහත වැටී ඇති බව එරට වාර්තා පවසනවා.

අමෙරිකානු ඩොලරයක අගය මේ වන විට එරට තුළ සටහන්ව ඇත්තේ රුපියල් 187.53ක් ලෙස බවට ARY News වාර්තාවක සදහන්.

විශේෂඥයින්ට අනුව, ඩොලරය ඉහල යාම රුපියල මත පදනම් වූ ආර්ථිකයේ සහ එහි පාර්ශවකරුවන්ගේ විශ්වාසය බිඳ දමා ඇති අතර එය පාලනය කිරීම අසීරැ වී තිබෙනවා.

මේ අතර, අප්‍රේල් 23 වැනිදායින් අවසන් වූ සතිය තුළ පාකිස්තානු රාජ්‍ය බැංකුවේ විදේශ විනිමය සංචිත ඇමෙරිකානු ඩොලර් මිලියන 328 කින් පහත වැටී  ඇති බව ද පැවසෙනවා.

ඒ අනුව පකිස්තාන විදේශ සංචිතය මේ වන විට ඩොලර් බිලියන 10.558 ක් දක්වා පහත වැටී ඇති බව එරට මහබැංකු දත්තවල සදහන්.