Thursday, April 25, 2024

General line - 0115112241

රටේ පවතින ඉන්ධන සංචිත ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් දැනුම් දීමක්




රටතුළ මේ වනවිට පවතින ඉන්ධන සංචිතය සම්බන්ධයෙන් නෙත් නිවුස් ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉදිරි දින කිහිපයේදී ඉන්ධන නෞකාවක් මෙරටට ලගා නොවුනහොත් මෙරට ඉන්ධන සංචිතය ක්‍රමයෙන් අවසන් අදියරට පැමිණීමේ අවදානමක් ඇති බවයි. මෙම තත්ත්වය ඉදිරියට ද පැවතුන හොත් විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබාදීම පවා සීමා විය හැකි බව ඔහු පැවසුවා. 

රට තුළ පවතින ඉන්ධන පිරවුම්හල්වලින් සියයට 60 කට පමණ දින 05 ක් තිස්සේ ඉන්ධන තොග ලැබී නොමැති බව ද නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණා. බවුසර් රථ රියදුරන් පවසන්නේ ඉන්ධන ප්‍රවාහනයට ප්‍රමාණවත් රථ පැමිණිය ද ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් නොකරන බවයි. 

මේ අතර අද අලුයම ද ඉන්ධන නොමැතිව වසා දමා ඇති පිරවුම්හල් ඇතුළුව සියලු පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝළිම් දක්නට ලැබුණා. 
මේ අතර ගෑස් සහ භූමිතෙල් ලබාගැනීමට ද අද දිනයේ දිගු පෝළිම් පැවැති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

ගෑස් ලබාදෙන ලෙස බලකරමින් හයිලෙවල් මාර්ගයේ නාවින්න ප්‍රදේශයෙන් මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කළා.  මීට අමතරව ගෑස් බලාදෙන ලෙස බලකරමින් මට්ටක්කුලිය ප්‍රදේශයේ ජනතාව ද අද විරෝධතාවයේ නිරත වුණා.