Thursday, April 25, 2024

General line - 0115112241

පෞද්ගලික බස් හිමියන් පොලිසියෙන් කළ ඉල්ලීම




ගාලුමුවදොර අරගල භූමියේ ඉකුත්දා ඇති වූ නොසන්සුන්තාවයෙන් අනතුරුව බස් රථවලට පහර දුන් සහ ගිනි තැබූ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පොලීසියෙන් ඉල්ලීමක් කරනවා. අලාභ හානි සිදුකළ බස් රථවලටද ආරක්‍ෂාව ලබාදෙන ලෙසටද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පොලීසියෙන් ඉල්ලීමක් කළා.

දිවයින පුරා ඉකුත්දා පැවති හර්තාල් ව්‍යාපාරයටද සහාය දැක්වූ තමන් වෙනුවෙන් මෙම අවස්ථාවේ කිසිදු වෘත්තීය සමිතියක් පෙනී නොසිටින බවටද ගැමුණු විජේරත්න චෝදනා කළා.

ගිනි තැබීම් සහ පහරදීම් හේතුවෙන් විනාශ වී ඇති බස් රථ සංඛ්‍යාව 45 කට ආසන්න බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.