Friday, April 19, 2024

General line - 0115112241

රට තවත් අරාජික වන ක්‍රම දෙකක් ගැන සජබය කියයි




රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සහ ජනතාව පිළිනොගන්නා පිරිසක් අමාත්‍ය ධුර සදහා පත් කිරීම හරහා රට තවත් අරාජික වන බව සමගි ජනබලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක පැවසුවේ ගත් මෙම වැරදි තීන්දුව හකුලා ගැනීමට ඉදිරියේදී ජනාධිපතිවරයාට සිදුවන බවයි. 

කෙසේවෙතත් ආණ්ඩුව ගෙන එන සාධනීය යෝජනාවන් සදහා ස්වාධින වූ පක්‍ෂ 11 සහාය ලබාදෙන බවයි එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ සඳහන් කළේ.

නව ආණ්ඩුවේ අමාත්‍ය ධුර භාර නොගන්නා බවට සමගි ජනබලවේගය සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම මේ වනවිටත් ප්‍රකාශ කර අවසන්.