Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දියාවේ මහල් ගොඩනැගිල්ලක ගින්නකින් 27 ක් මරුට




ඉන්දියාවේ දිල්ලි නුවර පිහිටි මහල් හතරකින් යුත් කාර්යාල ගොඩනැගිල්ලක් තුළ ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්නෙන් පුද්ගලයන් 27 දෙනෙකු පමණ මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ. 

තුවාල ලබා ඇති පිරිස 12 ක්. ගින්න හටගන්නා අවස්ථාවේ පුද්ගලයින්  70කට අධික පිරිසක් ගොඩනැගිල්ලේ සිට තිබෙනවා. ගින්න වාර්තා වීමත් සමග එම ස්ථානයට ලගා වූ පොලිසිය හා සහන සේවකයින් ගොඩනැගිල්ලේ කවුළු කඩා කඹ ආධාරයෙන් එහි සිටි පිරිස් මුදා ගැනීමට කටයුතු කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ගොඩනැගිල්ලේ හටගත් ගින්න පාලනය සඳහා ගිනි නිවන රථ 20ක් පමණ කැඳවා තිබෙනවා. විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇති බවටයි සැක පළ වන්නේ. කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද දිල්ලි බලධාරීන් සඳහන් කළා.