අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය සියළු සහයෝගයන් ලබාදීමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අද ඒකමතිකව තීරණය කළා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී අද පැවති සාකච්ඡාවකදීයි.
මෙම සාකච්ඡාවට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නාමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චරිත හේරත් ඇතුළු පිරිසක් එක්ව නොසිටි බව වාර්තා වුණා.
එලෙස නොපැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ සිය රථ වාහන සහ නිවෙස්වලට ගිනි තැබීම හේතුවෙන් තමන්ට රැස්වීමට සහභාගිවීමට නොහැකි වන බවයි.