සාම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජනබලවේගයට ආරාධනා කර තිබෙනවා. ඒ, සමගි ජලබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින්.
දිනෙන් දින උග්රවන රට හමුවේ පවතින අර්බුද අවසන් කර ස්ථාවර ආර්ථිකයක් බිහි කිරීම සදහා සියලු දෙනා එක්විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා එම ලිපියෙන් පෙන්වා දෙන්නේ.
තමන් අග්‍රාමාත්‍ය ධුරය භාර ගනු ලැබුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු පාර්ශවයන්ගේ සහයෝගය ලබාගනිමින් දේශපාලන මාවතකට යොමු කිරීම සදහා වන ජනතා අපේක්ෂා ඉටු කිරීමට අඩිතාලම සැකසීමේ
බලාපොරොත්තුවෙන් බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීම සදහා ඉතිරි වී ඇති එකම විකල්පය වන්නේ ද මෙම නව දේශපාලන මාවත ඔස්සේ ගමන් කරමින් අප සියලු දෙනාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් හා දැඩි කැපවීමෙන් රට ස්ථාවර මට්ටමකට ගෙන ඒමයි.
ඒ අනුව දිනෙන් දින උග්රවන මහජනතාවගේ ප්‍රශ්න කඩිනමින් විසදීම සදහා මෙන්ම ජාත්‍යන්තර සහයෝගය ද ලබාගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය, සමාජයීය හා දේශපාලනික වශයෙන් ස්ථාවර කිරීම සදහා සහායවීම ජාතික වගකීමක් සේ සළකා එම වගකීම ඉෂ්ඨ කිරීමට පක්ෂ භේද නොසලකා අත්වැල් බැද ගන්නා ලෙසද අග්‍රාමාත්‍ය යැවූ එම ලිපියේ සදහන්.
ඉහත ඉල්ලීම සදහා කඩිනමින් මෙන්ම ධනාත්මක ප්‍රතිචාරය අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ලිපියෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත දන්වා තිබෙනවා.