Thursday, April 25, 2024

General line - 0115112241

අර්බුද හමුවේ සංචාරකයින්ගේ පැමිණීම සියයට 60 කින් පහළට




මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව මෙම මාසය වන විට සියයට 60 කින් පමණ අඩුවී ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. 

ආහාර හා ඉන්ධන අර්බුදය මෙන්ම රට තුළ පැවැති කලහකාරී සිදුවීම් සහ එම තත්ත්වයන් ජාත්‍යන්තර මාධ්‍ය හරහා ප්‍රචාරය වීම මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව අඩුවීමට ඍජු බලපෑමක් එල්ල කළ බවයි එම අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කළේ. පවතින තත්ත්වය අනුව සංචාරක කර්මාන්තය හරහා මෙරට ආර්ථිකය ගොඩනගා ගැනීම අභියෝගයක් වනු ඇති බව ද ඇය සඳහන් කළා. 

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටකින් අඩුවීමට හේතු වී ඇත්තේ රට තුළ පවතින ඉන්ධන අර්බුදයද? එසේත් නැතිනම් ජනතාවගේ ක්‍රියාකලාපය ද යන්න සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්වරියගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. 

මෙරටට සංචාරකයින්ගේ පැමිණීම පෙර පැවැති තත්ත්වයට ගෙන ඒම සඳහා කොපමණ කාලයක් ගතවේද යන්න සම්බන්ධයෙන් ද සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මෙලෙස කරුණු පැහැදිළි කළා