Wednesday, April 24, 2024

General line - 0115112241

ගෝඨා ගෝ ගමට පහසුකම් සපයන්න අගමැතිගෙන් විශේෂ කමිටුවක්




ගාලුමුවදොර පැවැත්වෙන “ගෝඨා ගෝ ගම” අරගල භූමිය සඳහා ආරක්ෂාව ලබාදීමට සහ මූලික සේවාවන් සැපයීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කර තිබෙනවා. හිටපු අමාත්‍ය රුවන් විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කර ඇති බවයි අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

          

අරගල භූමියේ රැඳී සිටින තරුණයින්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීම සඳහා ද කණ්ඩායමක් පත්කර ඇති බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.