Friday, March 29, 2024

General line - 0115112241

වැසි තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක්




පවතින වැසි සහිත කාලගුණය හමුවේ ගංඟා කිහිපයක් ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මේ වන විට ගං වතුර තත්ත්වයන් ඇතිවී තිබෙනවා. කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන් සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවී තිබෙන අතර කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ ද මිල්ලකන්ඳ ප්‍රදේශයෙන් ගං වතුර තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

මේ අතර නිල්වලා ගඟ, පානදුගම සහ තල්ගහගොඩ යන ප්‍රදේශවලද සුළු ගං වතුර තත්ත්වයන් ඇතිවී තිබෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර කළු ගඟේ පුටුපවුල, එල්ලාවල සහ කළු ගඟේ අතු ගංඟාවක් වන මඟුරු ගඟෙහි, මඟුර යන ප්‍රදේශවලට සුළු ගංවතුර අවධානම් තත්ත්වයක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර ගිං ගඟේ තවලම සහ බද්දේගම ප්‍රදේශයන්ද මෙලෙස සුළු ගං වතුර අවධානම් තත්ත්වයක පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.