Wednesday, April 24, 2024

General line - 0115112241

මැතිව්ස්ගේ ශතකයෙන් පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ වැඩි වාසි අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පළමු දිනය නිමාවන විට කඬුලු 04 ක් දැවී ලකුණු 258 ක් රැස්කරගෙන සිටියා.

ටෙස්ට් දිවියේ සිය 12 වන ශතකය වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 114 ක්. කුසල් මෙන්ඩිස් ලකුණු 54 යි. ඔවුන් දෙදෙනා එක්ව තුන්වන කඬුල්ල  වෙනුවෙන් ලකුණු 93 ක සබඳතාවක් ගොඩ නැගුවා. 

ලකුණු 34 ක් ලබාගනිමින් දිනේෂ් චන්දිමාල් නොදැවී කඬුල්ලේ රැදී සිටිනවා. පන්දු යැවීමේදී නයීම් හසන් ලකුණු 71 කට කඬුලු 02 ක් බිඳ හෙලුවා. තරගය පැවැත්වෙන්නේ චිතගොන්හිදීයි.