Thursday, April 18, 2024

General line - 0115112241

ලක්ෂ 08 කට වැඩි කොරෝනා ආසාදිතයින් දින 03 ක් තුළ උතුරු කොරියාවෙන් වාර්තා වෙයි




උතුරු කොරියාව මේ වන විට බරපතල සෞඛ්‍ය අර්බුදයකට මුහුණපා සිටිනවා. ඒ, රට තුල වේගයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත හේතුවෙන්. පවතින තත්ත්වය හමුවේ රෝහල් ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ගතවූ දින තුනේදී පමණක් උතුරු කොරියාවේ කොරෝනා ආසාදිතයින් අට ලක්ෂ 20,620 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. එම දින තුන තුලදී, මියගොස් ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 45 ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තවත්  ලක්ෂ තුනකට අධික ආසාදිතයින් පිරිසක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. දැඩි නියගයකට ද මුහුණදී, ජාත්‍යන්තරයෙන් පැනවූ සම්බාධක රැසකටද ලක්ව සිටින උතුරු කොරියාව, ආර්ථික අර්බුද රැසකටද මුහුණපා සිටිනවා. 

රට තුල ආහාර හා ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවතින්නේ ද සීමිත ප්‍රමාණයක් බවයි විදෙස් වාර්තා පැවසුවේ. උතුරු කොරියානු වැසියන් කිසිදු  කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් ලබාගෙන නැහැ. රටවල් කිහිපයකින් උතුරු කොරියාවට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා තොග ලබාදීමට ඉදිරිපත්වී තිබුණත් එරට රජය  ඒවා ප්‍රතික්ෂේප කර තිබුණා.