Tuesday, April 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ඉනිමට මැතිව්ස් ශක්තියක් වෙයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06ක් දැවී ලකුණු 327ක් රැස් කරගෙන සිටියා. 

ඇන්ජලෝ මැතිවුස් නොදැවී ලකුණු 147ක් ලබා සිටි අතර රමේෂ් මෙන්ඩිස් නොදැවී එක් ලකුණක් ලබා සිටියා. 

දිනේෂ් චන්දිමාල් අද දිනයේ ලකුණු 66කට දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 03කට දැවී ගියා. පන්දු යැවීමේදී නයීිම් හසන් ලකුණු 87කට කඩුළු 04ක් දවා ගෙන සිටිනවා.