Tuesday, April 16, 2024

General line - 0115112241

ද්විත්ව ශතකය පෙනි පෙනී මැතිව්ස්ගේ විශිෂ්ඨ ඉනිම නිමා වෙයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වන විට සිය පළිමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 76ක් රැස් කරගෙන සිටියා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන්  රැස් කළ ලකුණු 397ට පිළිතුරු ලෙසයි. 

දිනය නිමා වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි තමීම් ඉක්බාල් ලකුණු 35ක් ලබා සිටි අතර මහමුදුල් හසන් ලකුණු 31ක් රැස් කර ගෙන සිටියා. 

අද දිනයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසන් පිතිකරුවා ලෙස ඇන්ජලෝ මැතිව්ස් ද්විත්ව ශතකයට එක් ලකුණක් තිබියදී දැවී යාම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. පන්දු 397කට මුහුණ දෙමින් මැතිව්ස් රැස් කළ ලකුණු 199ට හතරේ පහර 19ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා. 

ඒ අනුව සිය ටෙස්ට් දිවියේ දෙවන ද්විත්ව ශතකය වාර්තා කිරීමේ අවස්ථාව මැතිව්ස්ට අහිමි වී ගිය අතර ඔහු වාර්තා අතරට එක් වුණේ ටෙස්ට් තරගයක ලකුණු 199ක් ලබා සිටියදී දැවී ගිය දොළොස්වන පිතිකරුවා ලෙසයි.