Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයෙන් ප්‍රබල පිළිතුරක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි. දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 157ක් රැස් කරගෙන සිටියා. 

තමීම් ඉක්බාල් නොදැවී ලකුණු 89ක් ලබා සිටි අතර මහමුදුල් හසන් නොදැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 58ක්.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියළු දෙනා දැවී ලකුණු 397ක් රැස් කළා. 

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 10ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා පිටුපසින් සිටින්නේ ලකුණු 240කින් පමණයි.