Thursday, April 25, 2024

General line - 0115112241

පළමු ටෙස්ට් තරගයේ වැඩි ගෞරව බංග්ලාදේශයට




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ 03 වන දිනය නිමාවන විට තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්ව සිටියා. ඒ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 03 කට ලකුණු 318 ක් ලබා ගනිමින්. 

බංග්ලාදේශ පළමු ඉනිම ශක්තිමත් කළ තමීම් ඉක්බාල් ලකුණු 133 ක් රැස් කිරීමට සමත්වුණා. ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදුවීම බංග්ලාදේශ කණ්ඩායමට යම් අවාසිදායක තත්ත්වයක් ඇති කළා. කෙසේවෙතත් මහමුදුල් හසන්, මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් අර්ධ ශතක වාර්තා කරමින් බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කිරීමට සමත්වුණා.

දිනය නිමාවනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටි මුෂ්ෆිකර් රහීම් ලකුණු 53 ක් ලබාසිටි අතර ලිටන් දාස්, ලබාසිටි ලකුණු සංඛ්‍යාව 54 ක්. පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 17 කට කඩුළු 02 ක් දවා ගත්තා. 

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස්කළේ ලකුණු 397 ක් පමණයි. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 07 ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 79 ක් පිටුපසින් සිටිනවා.