Friday, April 19, 2024

General line - 0115112241

ලෝක අහාර මිල තවත් ඉහළ යන ලකුණු




ලෝකයේ ආහාර මිල තවදුරටත් ඉහළයාමේ දරැණු අවදානමක් පවතින බව ආර්ථික විශේෂඥයන් උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා. එම වාර්තාවට අනුව ලෝක  තිරිගු මිල ඉහළ යාම සිදුවනු  ඇති අතර භෝග මත රදා පවතින රුසියාවේ සහ යුක්රේනයේ පවතින යුද ගැටුම් මී‍ට ප්‍රධාන හේතුවක්.

එමෙන්ම  ලබන මාසයේ ලැබෙන චීනයේ ශීත ඍතු තිරිඟු අස්වැන්න ද කැපී පෙනෙන ලෙස පහළ යනු ඇති බවට අදහස් පළවී තිබෙනවා.

ඒ අනුව ඉදිරි සතිවලදී චීන අස්වැන්න යහපත් නොවුවහොත්, එය ලෝකයේ දුප්පත්ම රටවල කුසගින්න සහ දරිද්‍රතාවය තවත් උග්‍ර කරමින් ආහාර මිල තවදුරටත් ඉහළ නැංවිය හැකි බව පැවසෙනවා.

ජූලි මාසයේ සිට තිරිඟු මිල 80% කින් පමණ ඉහළ යාමත් සමඟ ගෝලීය ආහාර මිල දැනටමත් තියුනු ලෙස ඉහළ යමින් පවතිනවා.

යුද්ධය සහ කාලගුණ තත්වයන් මෙන්ම බොහෝ පොහොර නිෂ්පාදකයින් තම කර්මාන්තශාලා මන්දගාමී කිරීමට හෝ වසා දැමීමට තීරණය කිරීමත් මෙම තත්වයට බලපා ඇති බව සදහන්

පොහොර මිල ඉහළ යන විට, ලොව පුරා බොහෝ ගොවීන් අවම පොහොර භාවිතා කිරීම නිසා කුඩා අස්වැන්නක් ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ. 

දැඩි උණුසුම් දේශගුණය සහ නියඟය එක්සත් ජනපදයේ දකුණු මහා තැනිතලාවේ, නැගෙනහිර අප්‍රිකාවේ සහ ඉන්දියාවේ භෝගවලට හානි කර ඇති බව ද අදාළ වාර්තාවල සදහන්.