Thursday, April 25, 2024

General line - 0115112241

රෝහල් කිහිපයක ඖෂධ හිඟයක්




රෝහල් කිහිපයක ඖෂධ හිඟයක් පවතින බව රිජ්වේ ආර්්‍යයා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය පවසනවා. ඔහු කියා සිටියේ බොහෝ රෝහල්වල ඇතැම් ඖෂධවල ඌනතාවක් ද පවතින බවයි. කෙසේවෙතත් ඖෂධ හිඟයට විසදුම් ලෙස ඉදිරි මාස කිහිපයේදී ඖෂධ ගෙන්වීමට කටයුතු කරන බව ද විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය කියා සිටියා.

කුමන තත්ත්වයක් පැවතිය ද දිවයිනේ කිසිදු රෝහලක දැඩි සත්කාර ඒකක වසා දමා නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

රට තුළ මේවනවිට ඖෂධ තොග සහ ශල්‍ය උපකරණවල දැඩි හිඟයක් පවතින බවත් අවශ්‍ය ඖෂධ තොග කඩිනමින් ගෙන්වා ගත යුතු බැවින් ඒ සඳහා පවතින ගැටළු නිරාකරණය කර ගැනීම ද කඩිනම් කළ යුතු බවත් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා.