Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්න එපා කිව්වත් ජනතාව අදත් පෙට්‍රල් පෝලීම්වල




අද සහ හෙට පෙට්‍රල් බෙදා හැරීමක් සිදු නොකරන බැවින් ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණීමෙන් වළකින්නැයි ආණ්ඩුව ජනතාවට දැනුම්දුන්න ද අද දිනයේද පෙට්‍රල් ලබා ගැනීම සඳහා ජනතාව ඉන්ධන පිරවුම්හල් අසලට පැමිණ සිටිනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෙට්‍රල් පෝලිම් අදත් දක්නට ලැබෙන බවයි.
මේ, මාතර නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද.

මහනුවර තත්ත්වය පිළිබඳ මෙම වාර්තාව නෙත් නිවුස් වාර්තාකරු හේරත් ඒකනායකගෙන්.

මේ, උතුරු නැගෙනහිර තත්ත්වය පිළිබඳ වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය.

මේ අතර ඉන්ධන ලබාදෙන්නැයි ඉල්ලා අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා. එවන් එක් විරෝධතාවක් හේතුවෙන් මාලිඟාවත්ත සිට පංචිකාවත්ත දක්වා මාර්ගය අවහිරවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඉන්ධන ඉල්ලා සිදුකරන විරෝධතාවයක් හේතුවෙන් කොළඹ මහනුවර මාර්ගය ගන්නෝරුව මන්සංධියෙන් සපූර්ණයෙන් ම අවහිර වුණා.
මේ අතර විශය භාර අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අද දිනයේ ද ප්‍රකාශ කළේ පෙට්‍රල් ලබා ගැනීමේ අරමුණින් පෝලිම්වල රැදී නොසිටින ලෙසයි.