Friday, April 19, 2024

General line - 0115112241

මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් කෑම එපා : පිටින් කෑම පාර්සල් දෙන්නැයි ඉල්ලා කතානායකට යෝජනාවක්




පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ 900ක ගෙන් සමන්විත සේවකයින් සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් සපයනු ලබන දිවා ආහාරය අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධනට ලිපියක් භාරදී තිබෙනවා.
 
රටේ ජනතාව ඉතා අසීරූ අවස්ථාවකට පත්ව සිටින මොහොතක මෙලෙස මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු සේවකයින්ට ආහාර සැපයීම සුදුසු නොවන බවයි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සඳහන් කර සිටින්නේ.
 
මේ හේතුවෙන් පාර්ලිමේන්තුව කැඳවන දිනයන් හිදී මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පිටතින් ආහාර පාර්සල් ගෙන්වා දී එම මුදල් අයකර ගන්නා ලෙසද පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිය ලිපියෙන් වැඩිදුරටත් යෝජනා කර සිටින්නේ.