Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ආහාර අර්බුදයෙන් බේරගන්න ආණ්ඩුව දැඩි උත්සහයක




ආහාර හිඟයට මුහුණදීම සඳහා රජයේ හිස් ඉඩම්වල වගා කිරීම් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ වගා කරන ස්ථාන පිළිබඳ මන්ත්‍රීවරුන් සමඟ ලබන සතියේ සාකච්ඡා කරන බවයි අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ. 

ඒ සඳහා නව අයවැයක් ඉදිරිපත් කර සහන ලබාදෙන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

මේ අතර ගොවීන්ට සහ ධීවරයින්ට අවශ්‍ය ඩීසල් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මෙහිදී ඉල්ලීමක් ද කළා.

ආහාර අර්බුදයට මුහුණදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡා ආරම්භ කර නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී රජයට චෝදනාවක් එල්ල කළා.

මේ අතර මහ කන්නයට අවශ්‍ය රසායනික පොහොර ලබාදීමට පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

මේ අතර පොහොර ප්‍රශ්ණය විසදීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුව ආණ්ඩුවට නිර්දේශ කර ඇත්තේ පොහොර මිටියක් රුපියල් දස දහසකට ලබාදීමටයි. මේ වන විට පොහොර මිටියක් රුපියල් 30,000 ත් 35,000 ත් අතර මුදලකට අලෙවි වන බැවින් ගොවීන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇත‘ බව එම කමිටුවේදී සාකච්ඡා වී තිබෙනවා.