Thursday, April 25, 2024

General line - 0115112241

අගවිනිසුරුට යැවු ලිපිය ගැන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සමාව අයැදි




නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව නීතිපතිවරයා වෙත යැවිය යුතු ලිපියක් අගවිනිසුරුවරයා වෙත යැවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් අගවිනිසුරුවරයාගෙන් සමාව අයැද තිබෙනවා. ඒ, අගවිනිසුරුවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින්.

ඉකුත් මැයි 09 වනදා සිද්ධියට පෙර කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල පැවති විරෝධතා සහ උද්ඝෝෂණ විසුරුවා හැරීමට පොලීසිය අවස්ථා කිහිපයකදී වාරණ නියෝග ඉල්ලා තිබුණද අධිකරණයෙන් ඒවා නොලැබීම හේතුවෙන් ඇතිවූ නොසන්සුන්තා පාලනය කිරීමට නොහැකි වූ බව පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියකින් දන්වා තිබෙනවා. 

නිසි ක්‍රමවේදයට අනුව නම් අදාළ ලිපිය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා යොමුකළ යුතු වන්නේ නීතපතිවරයාටයි. නමුත් ඔහු එය යොමුකර තිබුණේ අගවිනිසුරුවරයාටයි. 

පසුව තමන් අතින් සිදුවූ වරද අවබෝධ කරගත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා අදාළ සිද්ධියට කණගාටුව පළ කරමින් සහ සමාව අයැදිමින් සිදුවූ අපහසුතාවයට අගවිනිසුරුවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.