Friday, March 29, 2024

General line - 0115112241

නිවාස සදා දෙන්නම් කියා ජනතාව රැවටු ඉදිකිරීම් ආයතනය




විවිධ සමාජීය හා ආර්ථික ප්‍රශ්ණ හමුවේ පීඩාවට පත්ව සිටින මෙරට ජනතාවගෙන් මුදල් ගසාකන කණ්ඩායමක් පිළිබඳ නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වනවා. මරිහාන ප්‍රදේශයේ නිවාස ඉදි කිරීමේ ආයතනයක් ලෙස පවත්වාගෙන යමින් ඔවුන් මෙම වංචාව කර ඇති බවටයි නෙත් නිවුස් කළ ගවේශණයකදී අනාවරණ වුණේ. 

නිවාස සාදා දෙන බවට පොරොන්දු වී මුදල් ලබාගෙන පසුව මෙම කණ්ඩායම එම කටයුතු අතරමග නතර කරන බව ද එහිදී හෙළි වුණා. අවසානයේදී ජනතාවට සිදුව ඇත්තේ තමාගේ මුදල් මෙන්ම අපේක්ෂාවෙන් සිටි ඉදිකිරීමද අහිමි කර ගැනීමටයි.

මෙම ආයතනය විදෙස්ගත ශ්‍රී ලාංකිකයිනගෙන් ද මුදල් වංචා කර තිබෙනවා.

නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණය වුණේ මෙම ආයතනය විසින් රුපියල් කෝටි 08 කට ආසන්න මුදලක් වංචා කර ඇති බවයි. වංචාවට ලක්ව ඇති පිරිස 40 කට අධිකයි. 

මෙවන් වංචාවක් සිදුකළ මෙම පුද්ගලයින් රටින් පළායාමේ සූදානමක් ඇති බවටද වාර්තා පළ වනවා. පොලීසියට අවස්ථා කිහිපයකදී පැමිණිලි කළද මෙතෙක් සාධාරණයක් ඉටුවී නොමැති බවයි වංචාවට හසුවූවන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

නෙත් නිවුස් ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්