Saturday, April 20, 2024

General line - 0115112241

චීන ගුවන් යානාව හිතාමතාම අනතුර‍ට ලක් කර ඇති බවට අනාවරණයක්




චීනයේ කුන්මින් සිට ගුවන්ෂු බලා ගමන්  කරමින් තිබූ චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයේ යානය හිතාමතාම කඩා වැටීමට සලස්වා ඇති බවට අනාවරණයක් සිදුකර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ දී සිදුවූ මෙම අනතුර මෑත කාලීනව චීනයේ හටගත් බිහිසුණුම ගුවන් අනතුර ලෙස සැළකෙන අතර එහිදී මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව 132 ක් මියගියා. 

මෙම යානයේ කලු පෙට්ටියේ දත්ත පරීක්ෂාවට ලක් කළ ඇමරිකානු විශේෂඥයන් මෙය හිතාමතාම සිදුකළ අනතුරක් බවට හදුනාගෙන ඇති බවයි වෝල්ස්ට්‍රීට් ජර්නල් වාර්තා කළේ.

එම වාර්තාවට අනුව නියමු කුටිය තුළ සිටි හෝ එහි ඇතුළු වූ කිසිවෙකු විසින් මෙම ගුවන් යානය හිතාමතාම කඩාවැටීමට සළස්වා ඇති බවට විශ්වාස කෙරෙනවා.

මේ සම්බන්ධයෙන් බෝයිං සමාගමට සම්බන්ධ ඇමරිකානු  ගුවන් යානා විශේෂඥයන් මෙන්ම චීන බලධාරින් ද තවදුරටත් පරීක්ෂණ පවත්වන බව සදහන්.