Friday, March 29, 2024

General line - 0115112241

හුසේන් බෝල්ට් පළමු කඩඉම දිනයි (UPDATE)




ජැමෙයිකානූ ජාතික හුසේන් බෝල්ට් මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේදී මූලික වටයේ තරගය ජය ගැනීමට සමත්වුණා. ඒ තත්ත්පර 10.07ක දක්ෂතාවයක් වාර්තාකරමින්.

ඒ අනුව ඔහු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිනවා.

ජැමෙයිකාවේ යොහාන් බ්ලේක්ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිනවා.

14009799_10210354642768749_646527494_n 14017795_10210354642848751_646889747_n

………………………………………………………………………..

ලොවම බලා සිටින බොල්ට්ගේ තරගය අද රාත්‍රීයේ

Aug 13, 2016 @ 20:48

ලොව වේගවත්ම ක්‍රීඩකයා ලෙස සැලකෙන ජැමෙයිකානූ ජාතික කෙටි දුර ධාවන ශූර හුසේන් බෝල්ට් සහභාගී වන මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ මූලික තරගය අද (13) රාත්‍රියේ පැවැත්වෙනවා.

ඔහු සහභාගී වන 7 වන මූලික වටයේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 09.12 ට ආරම්භ වීමට නියමිතයි. එහි ඔහු තරග වදින්නේ 06 වන ධාවන මන්තීරුවෙන්.