Friday, March 29, 2024

General line - 0115112241

ශරීර යෝග්‍යතාව ප්‍රශ්නයක් වූ භානුක යළි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට




භානුක රාජපක්‍ෂ යළි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට කැඳවා තිබෙනවා. ඒ, එළඹෙන ඕස්ට්‍රේලියානු තරග සංචාරය සදහායි. භානුක රාජපක්‍ෂ 26 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතයට මෙන්ම විස්සයි විස්ස සංචිතයටද කැඳවා තිබෙනවා. 

භානුක රාජපක්‍ෂ සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක් මතු වුණා. ඒ, දක්‍ෂතා අතර සිටියදීත් ඔහුගේ ශාරීරික යෝග්‍යතාව පිළිබද මතුවු ගැටළුවක් හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතයට එක් නොකිරීමත් සමගයි. 

කෙසේවෙතත් මේ වනවිට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ඔහු තෝරා ගැණුනු අතර භානුක එහිදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් දක්‍ෂතා දැක්වූවා. ඒ තරග නවයකදී ලකුණු 206 ක් රැස් කර ගනිමින්.

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා පන්දුවාර විස්සයි විස්ස, එක්දින හා ටෙස්ට් තරගාවලිය ලබන ජූනි 7 වනදා ආරම්භ වනවා.