Friday, March 29, 2024

General line - 0115112241

ධනංජය වසර 24ක වාර්තාවක් බිඳ හෙලද්දී දිමුත් ටෙස්ට් ‘ඉතිහාසයම’ අලුත් කරයි




සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන ටෙස්ට් තරඟය අද ආරම්භ වුණා.

අද දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 214ක් ලබා සිටියා

විශිෂ්ඨ පිතිකරණයක නියැලුණු ධනංජය ද සිල්වා සිංය මංගල ටෙස්ට් ශතකය අද වාර්තා කළා.

හත්වන පිතිකරුවා හෝ ඊට පහළින් පිටියට පැමිණ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතකයක් වාර්තා කළ දෙවන ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස ඔහු අද වාර්තා පොත් අතරට එකතු වුණා.මීට පෙර එම දස්කම කර ඇත්තේ රොමේෂ් කලුවිතාරණ විසිනුයි.ඒ 1992 වසරේදියි.එයද කොළඹ SSC පිටියේදි වීම විශේෂත්වයක්.

මේ අතර දිමුත් කරුණාරත්න ද වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා.

ඒ ටෙස්ට් තරඟාවලියකදි එකම පන්දු යවන්නාට පස් වතාවකට වඩා දැවීගිය ක්‍රීඩකයෙක් වාර්තා කළ අඩුම පිතිකරු සාමාන්‍ය වාර්තා කරමින්.දිමුත් මෙම තරඟාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ ඉනිම පහේදීම දැවී ගියේ මිචෙල් ස්ටාර්ක් හමුවේයි.මිචෙල් ස්ටාර්ක්ට මෙම තරඟවලියේ ඔහුගේ පිතිකරු සමාන්‍ය ලෙස සටහන් වන්නේ 2.40ක්.

එමෙන්ම 2002න් පසුව තරඟ 3කින් සමන්විත ටෙස්ට් තරඟවලියකදී පිතිකරුවෙක් එකම පන්දු යවන්නාට පස් වතාවක් හෝ ඊට වඩා දැවී ගිය හතරවන අවස්ථාව ලෙසද මෙය වාර්තා වනවා.