Friday, March 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ රහසක් එළියට එයි




තලේබාන් හමුදා කාබුල් නගරය අත්පත් කර ගැනීමත් සමඟම, එවකට ජනාධිපති අෂ්රෆ් ඝානි තම හමුදාව තමාට එරෙහි වනු ඇතැයි බිය වූ බවත් එය ගැටලු රැසකට හේතු වූ බවත් අනාවරණය වී තිබෙනවා.

මේ පසුබිම තුළ ජනාධිපති ඝානි එක්සත් ජනපදය ඔහුව බලයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කරන බවට සැක කළ බවයි එක්සත් ජනපද නිරීක්ෂණ වාර්තාවක් මගින් අනාවරණය කර ඇත්තේ.

ඝානි තම ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රධාන අණ දෙන නිලධාරීන් බොහෝ දෙනෙකු ද්‍රෝහීන් යැයි විශ්වාස කරමින් සේවයෙන් පහ කළ බවත් එය ඇෆ්ගනිස්ථාන ආරක්ෂක හමුදාවන්ගේ චිත්ත ධෛර්යය තවදුරටත් අඩාල කිරීමට හේතු වූ බවත් එම වාර්තාවේ සදහන්.

එය යුද ප්‍රයත්නය ව්‍යාකූල කළ සහ රට යටත්වීම කූටප්‍රාප්තියට පත් කළ තත්වයක් බවටත් මෙම වාර්තාව මගින් නිගමනය කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන ආණ්ඩුවේ සහ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨතම මට්ටම් ව්‍යාකූලත්වයට ලක් කළ මෙම අවුල් සහගත තත්ත්වය රටේ බිද වැටීම ඉක්මන් කර එය  කඩිනමින් සහ සම්පූර්ණයෙන්ම තලේබාන් සංවිධානයේ පාලනයට යටත් කිරීමට සමත් වූ බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන්.