Thursday, April 25, 2024

General line - 0115112241

මන්කි පොක්ස් ආසාදිතයින් සොයා ගත් බවට තවත් රටවල් 02 ක් තහවුරු කරයි




ලෝකයේම අවධානය යොමුව ඇති මන්කි පොක්ස් නම් වෛරස් ප්‍රභේදය ආසාදිතවූ පුද්ගලයින් සොයා ගැනුණු රටවල් සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, එම ආසාදිතයින් සොයා ගැනුණූ බවට ඊශ්‍රායලය හා ස්විට්සර්ලන්තය ද තහවුරු කිරීමත් සමගයි.
 
මන්කි පොක්ස් ආසාදිතයින් දෙදෙනෙකු සොයා ගැනුණු බවට එම රටවල් 02 ම අද තහවුරු කළා.  
 
එම ආසාදිතයින් දෙදෙනාම විදෙස් රටවල සංචාරය කර පැමිණි පුද්ගලයින් බවයි ඊශ්‍රායලය සහ ස්විට්සර්ලන්තය පවසා ඇත්තේ. කෙසේවෙතත් තවත් සැකකටයුතු රෝගීන් කිහිපදෙනෙකු හඳුනා ගැනුණු බවත්, ඔවුන්ට මන්කි පොක්ස් වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා මේවනවිටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවත් ඊශ්‍රායලය සඳහන් කළා.
 
මධ්‍යම සහ බටහිර අප්‍රිකාව තුළ මන්කි පොක්ස් ආසාදිතයින් බහුලව වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එහෙත් එම වෛරසය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වුයේ යුරෝපය, අමෙරිකාව, කැනඩාව හා ඔස්ටේ්‍රලියාවෙන් මන්කි පොක්ස් ආසාදිතයින් 80 දනෙකු පමණ හඳුනා ගැනීමත් සමගයි.
 
මේ අතර මන්කි පොක්ස් බවට සැකකළ හැකි ආසාදිතයින් 50 දෙනෙකු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසන්නේ. එහෙත් එම සැකකටයුතු ආසාදිතයින්  වාර්තා වන්නේ කුමන රටවලින් ද යන්න එම සංවිධානය මෙතෙක් තහවුරු කර නැහැ.
 
ඒ හමුවේ ලොව රටවලින් වාර්තා වන මන්කි පොක්ස් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා.