Friday, March 29, 2024

General line - 0115112241

වැරදි බදු ප්‍රතිපත්ති නිසා පුරාතනයේ සිදුවූ දේ ගැන හෙළිවෙයි



වැරදි බදු ප්‍රතිපත්ති හේතුවෙන් පස්වන මහින්ද රාජ පාලන සමයේදී මෙරට ආර්ථිකය බිඳ වැටී ඇති බව පුරා විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

එම දුර්වල ආර්ථික කළමණාකරණය හේතුවෙන් මෙරට සේවය කළ කේරළ හමුදා සෙබළුන් රාජ මාලිගය වැටලූ බව ඉතිහාසයේ සඳහන් බවයි මහාචාර්ය රාජ් සෝමදේව වැඩිදුරටත් සදහන් කළේ.