Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ඉනිම මැතිව්ස් සහ ධනංජය ශක්තිමත් කරයි




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුළු 04 ක් දැවී ලකුණු 210 ක් රැස්කර ගෙන සිටිනවා. ඒ, බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 365 ට පිළිතුරු ලෙසයි. 

නොදැවී පන්දුවට පහරදෙන ධනංජය ද සිල්වා ලකුණු 30 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25 ක් රැස්කර ගෙන සිටිනවා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 80 ක් රැස්කර සිටියදී දැවී ගියා. 

කසුන් රාජිත දැවී ගියේ කිසිඳු ලකුණක් ලබා නොසිටියදීයී.  ඕෂධ ප්‍රනාන්දු ලකුණු 57 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස්ට ලබාගත හැකි වුණේ ලකුණු 11 ක් පමණයි. මීර්පූර් හි පැවැත්වෙන තරගයේ 03 වන දිනය අදයි.