Tuesday, April 23, 2024

General line - 0115112241

බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ අභියෝගයට ශ්‍රී ලංකා පිතිකරුවන් සාර්ථකව මුහුණ දෙයි




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වන දිනය නිමා වනවිට කඩුලු 5 ක් දැවී  ලකුණු 282 ක් රැස්කර ගෙන සිටිනවා. ඒ, බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 365 ට පිළිතුරු ලෙසයි. 

නොදැවී පන්දුවට පහරදෙන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 58 ක් සහ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 10 ක් රැස්කර ගෙන සිටිනවා.

නායක දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු 80 ක් රැස්කර සිටියදීයි. ධනංජය ද සිල්වා ලකුණු 58 ක් සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 57 ක් රැස් කළා. කසුන් රාජිත දැවී ගියේ කිසිඳු ලකුණක් ලබා නොසිටියදීයී. පන්දු යැවීමේදී ශකීබ් අල් හසන් කඩුලු 3 ක් සහ ඊ හුසේන් කඩුළු 2 ක් බිද හෙළුවා.