Thursday, March 28, 2024

General line - 0115112241

ජනතාවගේ සැබෑ ප්‍රශ්ණවලට උත්තර සෙවීමට නම් පාලකයින් බිම් මට්ටමේ තත්ත්වය තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි - විද්වතුන් කියයි




ජනතාවගේ සැබෑ ප්‍රශ්ණවලට උත්තර සෙවීමට නම් පාලකයින් ඇතුලු බලධාරීන් බිම් මට්ටමේ තත්ත්වය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය බව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ඉංජිනේරු රංගික හල්වතුර පවසනවා. එසේ නොමැතිව ප්‍රශ්ණවලට යැයි කියා ලබාදෙන උත්තර සිහින පමණක් වනු ඇති බවයි ඔහු පැවසුවේ. 

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ඉංජිනේරු රංගික හල්වතුර මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

රටේ සැබෑ අර්බුදය බලධාරීන් ඇතුලු සැලකිය යුතු පිරිසකට තවමත් නොදැනෙන බවයි මහාචාර්ය, ඉංජිනේරු රංගික හල්වතුර මෙහිදී පැවසුවේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ඉංජිනේරු රංගික හල්වතුර සහභාගීවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.