Wednesday, April 24, 2024

General line - 0115112241

අඛණ්ඩව සිව්වන දිනට හෙටත් ගෑස් නැහැ




හෙට දිනයේද ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එලෙස ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොලට නිකුත් නොකෙරෙන්නේ අඛණ්ඩව සිව්වන දිනටයි. හෙට දිනයේද ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැදී නොසිටින ලෙසයි ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ. 

මේ අතර ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500 ක් රැගත් නෞකාවක් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිතයි. තවත් ගෑස් තොගයක් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපය ඇතුළත දිවයිනට ළගාවීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. තිබෙනවා. 

මේ අතර ඉදිරි දින 06 ක කාලය තුළ වෙළඳපොලට ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරිමට හැකියාව ලැබෙනු ඇතැයි ලාෆ් ගෑස් සමාගම පවසනවා. එහි සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය පැවසුවේ ණයවර ලිපි විවෘත කිරිමට හැකියාව ලැබී ඇති බවයි. ඉකුත් කාලය පුරා ලාෆ් ගෑස් වෙළඳපොලට නිකුත් කෙරුණේ නැහැ.