Thursday, April 18, 2024

General line - 0115112241

ජයග්‍රාහි ශ්‍රී ලංකා පිල දිවයිනට




බංග්ලාදේශයේ පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියා.
 
නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඩකා නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණි බවයි.

එහෙත් ක්‍රීඩකයන් පිළිගැනීම සඳහා මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් හෝ ඥාතීන් කිසිවෙකුත් ගුවන් තොටුපළ වෙත පැමිණ නොසිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.    
 
බංග්ලාදේශය සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය  ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ එකට බිංදුවක් ලෙසයි.