Friday, March 29, 2024

General line - 0115112241

සපුගස්කන්ද පිරිපහදුවෙන් ඉන්ධන නිකුත් කිරීම සදුදා සිට




සති දෙකකට ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

කෙසේවෙතත් නිසි කළමණාකරණයෙන් යුතුව පවතින තොග නිකුත් කරන බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ. 

මේ අතර ලබන සදුදා සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඉන්ධන නිකුත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.  

ඉකුත් 25වනදා මෙරටට පැමිණි බොරතෙල් නෞකාවට මුදල් ගෙවීම සඳහා දින 33ක පමණ කාලයක් ගත වුණා.

ඒ අනුව මෙම නෞකාව සඳහා ප්‍රමාද ගාස්තු ලෙස දෛනිකව අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ 20,000ක මුදලක් ගෙවිය යුතු බවටයි වාර්තා වුණේ.

ඒ සම්බන්ධයෙන්ද අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය කංචන විජේසේකරගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

කෙසේවෙතත් අද දිනයේ බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර තිබුණා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ අද දිනයේ පිරවුම්හල්වලට ඩීසල් නිකුත් කර නොමැති බවයි.